Posts

Showing posts from July, 2023
Image
  සන්නිවේදනය හා සමාජය  සන්නිවේදනය ‍යන්නෙන් සරලව අදහස් වනුයේ තොරතුරු හා අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියයි.සන්නිවේදනය යන්න අර්ත විග්‍රහ කරගැනීම උදෙසා බොහොමයක් නිර්වචන ඇත.සමාජය යනු විවිධ මානව කොට්ඨාසයන් හා ඔවුන් අතර සිදුවන්නා වූ අන්‍යොන්‍ය සබදතා සිදුකරනු ලබන පරිසරයයි.එසේම සමජය යන්නට දේශපාලන,ආර්තික හා සංස්කෘතිය යන සාදක ත්‍රිත්වය ප්‍රධාන ලෙස බලපෑම් එල්ල කරනු ලබන අතර ඒවා එකිනෙකට අන්තර් සබදතා දක්වමින් ක්‍රියාත්මක වේ.ඒ අනුව මේ ලිපිය හරහා දේශපාලනය හා සන්නිවේදනය අතර පවත්නා සබදතාවය කෙසේ වී ඇත්දැයි විග්‍රහ කර දක්වමි.                     යම්කිසි රටක මානව සම්පතෙහි ඉදිරි පැවැත්ම කෙසේද යනවග තීරනය කරනු ලබන ප්‍රධාන සාදකයක් ලෙස දේශපාලන හදුන්වා දිය හැක.ඒ අනුව දේශපාලනයත් සන්නිවේදනයත් අතර පවතිනුයේ අන්‍යොන්‍ය වශයෙන් නොමැකෙන බැදීමකි.සැබවින්ම රටක පාලනය කරනු ලබන දේශපාලන පක්ෂය තීරනය කරනු ලබනුයේ සන්නිවේදනයයි.ඒ අනුව දේශපාලන රැස්වීම් හරහා එකවර පුද්ගලයින් බොහෝ පිරිසකට පනිවිඩ ගෙනයනු ලබයි.ඒ පනිවිඩය හරහා පක්ෂයක් විසින් ජනතාව උදෙසා ලබා දෙනු ලබන පොරොන්දු ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රකාශයට පත්කරනු ලබයි.වසර හැත්තෑවක් තිස්සේ මෙර