සන්නිවේදනය හා සමාජය
 සන්නිවේදනය ‍යන්නෙන් සරලව අදහස් වනුයේ තොරතුරු හා අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියයි.සන්නිවේදනය යන්න අර්ත විග්‍රහ කරගැනීම උදෙසා බොහොමයක් නිර්වචන ඇත.සමාජය යනු විවිධ මානව කොට්ඨාසයන් හා ඔවුන් අතර සිදුවන්නා වූ අන්‍යොන්‍ය සබදතා සිදුකරනු ලබන පරිසරයයි.එසේම සමජය යන්නට දේශපාලන,ආර්තික හා සංස්කෘතිය යන සාදක ත්‍රිත්වය ප්‍රධාන ලෙස බලපෑම් එල්ල කරනු ලබන අතර ඒවා එකිනෙකට අන්තර් සබදතා දක්වමින් ක්‍රියාත්මක වේ.ඒ අනුව මේ ලිපිය හරහා දේශපාලනය හා සන්නිවේදනය අතර පවත්නා සබදතාවය කෙසේ වී ඇත්දැයි විග්‍රහ කර දක්වමි.
                    යම්කිසි රටක මානව සම්පතෙහි ඉදිරි පැවැත්ම කෙසේද යනවග තීරනය කරනු ලබන ප්‍රධාන සාදකයක් ලෙස දේශපාලන හදුන්වා දිය හැක.ඒ අනුව දේශපාලනයත් සන්නිවේදනයත් අතර පවතිනුයේ අන්‍යොන්‍ය වශයෙන් නොමැකෙන බැදීමකි.සැබවින්ම රටක පාලනය කරනු ලබන දේශපාලන පක්ෂය තීරනය කරනු ලබනුයේ සන්නිවේදනයයි.ඒ අනුව දේශපාලන රැස්වීම් හරහා එකවර පුද්ගලයින් බොහෝ පිරිසකට පනිවිඩ ගෙනයනු ලබයි.ඒ පනිවිඩය හරහා පක්ෂයක් විසින් ජනතාව උදෙසා ලබා දෙනු ලබන පොරොන්දු ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රකාශයට පත්කරනු ලබයි.වසර හැත්තෑවක් තිස්සේ මෙරට දේශපාලන පක්ෂයන්ද මෙරට සුරපුරයක් කරන ජනතාවට සුරසැප ලබාදෙන පොරොන්දු දේශපාලන වේදිකාවන් හරහා සන්නිවේදනය කරන්නට විය.ඒ අනුව වඩාත් ආකර්ශනීය ලෙසත්,චතුර බාවයෙන් යුක්තව හා වඩාත් ජනතා හිතයිශී පොරොදු සන්නිවේදනය කරනු ලබන පක්ෂය වසර හැත්තෑවක් තිස්සේ මෙරට පාලන පක්ෂය බවට පත්විය.නමුත් ඔවුන් විසින් සන්නිවේදනය කරනු ලැබුවාවූ පොරොන්දු මේ මිහිතලය තුල ක්‍රියාත්මක උවත් නැතත් වඩාත් රසවත් ලෙස පොරොන්දු ලබාදෙන පක්ෂය තවමත් මෙරට තුල පාලන පක්ෂය වෙමින් පවතී.                   
                          එසේම දශක ගනනාවක් තිස්සේ ජනමාධ්‍ය මහජනතාවගේ ප්‍රධානම තොරතුරු සම්පාදන මාද්‍ය වී ඇත.එසේම ජනමාධ්‍යන්ගේ පැවැත්ම තීරනය කරනු ලබනුයේ ව්‍යාපාරික ආදිපත්‍යයි.නමුත් වර්තමානය වන විට දේශපාලන පක්ෂ වල ගැත්තන් බවට ජනමාධ්‍ය පත්ව ඇත.බෝහෝමයක් ජනමාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍යවේදීන් ද අද වන විට මුදලට යටවී දේශපාලන පක්ෂ වල ගැත්තන් බවට පත්ව ඇත.ඒ අනුව අප රට තුල ජනමාධ්‍ය පැවැත්ම තීරනය කරනු ලබන ප්‍රධාන කරුනක් බවට අද වන විට දේශපාලන පත්ව ඇත.තමන්ගෙන් රටට වියයුතු යුතුකම් වගකීම් සියල්ලක්ම පසක දමමින් වගකීම් විරහිතව බොහෝ ජනමාධ්‍ය ආයතන කටයුතු කරන අන්දමක් දැකගත හැකිය.උදාහරනයක් ලෙස පසුගිය මැතිවරන අවදිය තුල රට තුල ජාතික ආරක්ශාව පිලිවදව විශාල අර්බුදකාරී වාතාවරණයක් මවා පාමින් කටයුතු කරන්නට විය.ඒ අනුව යුද බියෙන් වසර ගනනාවක් තිස්සේ හෙම්බත්ව සිටි ජනතාවගේ ආශාව වූයේ යුද බියෙන් තොර නිදහස් නිවහල් රටකි.ඒ අනුව මෙවන් අර්බුදකාරී වාතාවරණයක් රට තුල උද්ගත වීමට බලපෑ හේතුව ඊට අදාල පුද්ගලයින් පිලිබද විස්තර සියල්ලක්ම තමන් සක්සුදක්සේ දන්නා බවත් තමන් රටෙහි පාලනයට ආවිගස සත්‍ය හෙලිකරන බවත් ඔව්න්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එවකට විපෂයේ මැතිවරණ පොරොන්දු විය මැතිවරණ පොරොන්දු විය.සන්නිවේදනය හා සමාජය
 සන්නිවේදනය ‍යන්නෙන් සරලව අදහස් වනුයේ තොරතුරු හා අදහස් හුවමාරු කරගැනීමේ ක්‍රියාවලියයි.සන්නිවේදනය යන්න අර්ත විග්‍රහ කරගැනීම උදෙසා බොහොමයක් නිර්වචන ඇත.සමාජය යනු විවිධ මානව කොට්ඨාසයන් හා ඔවුන් අතර සිදුවන්නා වූ අන්‍යොන්‍ය සබදතා සිදුකරනු ලබන පරිසරයයි.එසේම සමජය යන්නට දේශපාලන,ආර්තික හා සංස්කෘතිය යන සාදක ත්‍රිත්වය ප්‍රධාන ලෙස බලපෑම් එල්ල කරනු ලබන අතර ඒවා එකිනෙකට අන්තර් සබදතා දක්වමින් ක්‍රියාත්මක වේ.ඒ අනුව මේ ලිපිය හරහා දේශපාලනය හා සන්නිවේදනය අතර පවත්නා සබදතාවය කෙසේ වී ඇත්දැයි විග්‍රහ කර දක්වමි.
                    යම්කිසි රටක මානව සම්පතෙහි ඉදිරි පැවැත්ම කෙසේද යනවග තීරනය කරනු ලබන ප්‍රධාන සාදකයක් ලෙස දේශපාලන හදුන්වා දිය හැක.ඒ අනුව දේශපාලනයත් සන්නිවේදනයත් අතර පවතිනුයේ අන්‍යොන්‍ය වශයෙන් නොමැකෙන බැදීමකි.සැබවින්ම රටක පාලනය කරනු ලබන දේශපාලන පක්ෂය තීරනය කරනු ලබනුයේ සන්නිවේදනයයි.ඒ අනුව දේශපාලන රැස්වීම් හරහා එකවර පුද්ගලයින් බොහෝ පිරිසකට පනිවිඩ ගෙනයනු ලබයි.ඒ පනිවිඩය හරහා පක්ෂයක් විසින් ජනතාව උදෙසා ලබා දෙනු ලබන පොරොන්දු ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රකාශයට පත්කරනු ලබයි.වසර හැත්තෑවක් තිස්සේ මෙරට දේශපාලන පක්ෂයන්ද මෙරට සුරපුරයක් කරන ජනතාවට සුරසැප ලබාදෙන පොරොන්දු දේශපාලන වේදිකාවන් හරහා සන්නිවේදනය කරන්නට විය.ඒ අනුව වඩාත් ආකර්ශනීය ලෙසත්,චතුර බාවයෙන් යුක්තව හා වඩාත් ජනතා හිතයිශී පොරොදු සන්නිවේදනය කරනු ලබන පක්ෂය වසර හැත්තෑවක් තිස්සේ මෙරට පාලන පක්ෂය බවට පත්විය.නමුත් ඔවුන් විසින් සන්නිවේදනය කරනු ලැබුවාවූ පොරොන්දු මේ මිහිතලය තුල ක්‍රියාත්මක උවත් නැතත් වඩාත් රසවත් ලෙස පොරොන්දු ලබාදෙන පක්ෂය තවමත් මෙරට තුල පාලන පක්ෂය වෙමින් පවතී.                   
                          එසේම දශක ගනනාවක් තිස්සේ ජනමාධ්‍ය මහජනතාවගේ ප්‍රධානම තොරතුරු සම්පාදන මාද්‍ය වී ඇත.එසේම ජනමාධ්‍යන්ගේ පැවැත්ම තීරනය කරනු ලබනුයේ ව්‍යාපාරික ආදිපත්‍යයි.නමුත් වර්තමානය වන විට දේශපාලන පක්ෂ වල ගැත්තන් බවට ජනමාධ්‍ය පත්ව ඇත.බෝහෝමයක් ජනමාධ්‍ය ආයතන මෙන්ම ජනමාධ්‍යවේදීන් ද අද වන විට මුදලට යටවී දේශපාලන පක්ෂ වල ගැත්තන් බවට පත්ව ඇත.ඒ අනුව අප රට තුල ජනමාධ්‍ය පැවැත්ම තීරනය කරනු ලබන ප්‍රධාන කරුනක් බවට අද වන විට දේශපාලන පත්ව ඇත.තමන්ගෙන් රටට වියයුතු යුතුකම් වගකීම් සියල්ලක්ම පසක දමමින් වගකීම් විරහිතව බොහෝ ජනමාධ්‍ය ආයතන කටයුතු කරන අන්දමක් දැකගත හැකිය.උදාහරනයක් ලෙස පසුගිය මැතිවරන අවදිය තුල රට තුල ජාතික ආරක්ශාව පිලිවදව විශාල අර්බුදකාරී වාතාවරණයක් මවා පාමින් කටයුතු කරන්නට විය.ඒ අනුව යුද බියෙන් වසර ගනනාවක් තිස්සේ හෙම්බත්ව සිටි ජනතාවගේ ආශාව වූයේ යුද බියෙන් තොර නිදහස් නිවහල් රටකි.ඒ අනුව මෙවන් අර්බුදකාරී වාතාවරණයක් රට තුල උද්ගත වීමට බලපෑ හේතුව ඊට අදාල පුද්ගලයින් පිලිබද විස්තර සියල්ලක්ම තමන් සක්සුදක්සේ දන්නා බවත් තමන් රටෙහි පාලනයට ආවිගස සත්‍ය හෙලිකරන බවත් ඔව්න්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එවකට විපෂයේ මැතිවරණ පොරොන්දු විය මැතිවරණ පොරොන්දු විය.

Comments

Popular posts from this blog